2026-11-02 15:51:00 Hours

දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි


...

මහනුවර, පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ බව කියන රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී 8ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රිමාන්ඩ් රැඳවියෙක්.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත සතියක පමණ කාලයක සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට තිබෙනවා.

වෙඩි වැදීමෙන් පසු ඔහුගේ මෘත දේහය මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, පවුලේ ඥාතීන්ද රෝහලට පැමිණ ඇත.

මියගිය පුද්ගලයා මීට මාස හයකට පමණ පෙර විවාහ වී ඇති අතර, ඔහුගේ බිරිඳ මේ වනවිට දෙමසක ගැබිනියක් බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk