2026-11-17 10:40:00 Hours
අයවැය යෝජනා යටතේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, අදාළ දීමනාව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට අල්ලසක් ලෙස ලබාදුන් දීමනාවක් බවට චම්පික රණවක මහතා කළ ප්‍රකාශයෙන් සෘජුව සහ වක්‍රව ඉලක්ක කර ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවය බවයි.
එම ප්‍රකාශය හේතුවෙන් සිය සේවයේ සහ නිලධාරීන්ගේ ගෞරවයට මෙන්ම වෘත්තීය අභිමානයට ද බරපතළ හානියක් සිදුවන බව සංගමය අවධාරණය කරනවා.
එමෙන්ම, අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කිරීමක් බව ද එම නිවේදනයේ සඳහන්.
මෙම ප්‍රවාහන දීමනාව සමස්ත ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමට අදාළ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයක් මිස, ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ට පමණක් හිමිවන විශේෂ වරප්‍රසාදයක් නොවන බව ද සංගමය පෙන්වා දෙනවා.
ඒ අනුව, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු නිවැරදි කිරීමට වගකිවයුතු පාර්ශ්වය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk