2026-11-17 20:05:00 Hours
ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 6,740ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 5,995ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 2,720 සිට රුපියල් 2,398 දක්වා අඩු කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කළේ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් අධ්යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බවයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සෞදි ඇරම්කෝ මිල සහ නැව් ගාස්තු ඇතුළු ආනයන පිරිවැය ඉහළ ගියද, මාස තුනක කාලයක් මිල සංශෝධනයකින් තොරව එම පිරිවැය වැඩිවීමෙන් සිදුවූ අලාභය සමාගම දරාගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, අඛණ්ඩව සිදුවූ පාඩු හේතුවෙන් පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට සමාගම කටයුතු කළා.
ඒ අනුව රුපියල් 4,965ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740ක් දක්වාත්, රුපියල් 1,988ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,720ක් දක්වාත් ඉහළ නැංවුණා.
එම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (16) ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කැඳවා තිබුණා.
එහිදී මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බවට සමාගමේ නිලධාරීන් දැනුම් දී තිබූ අතර, ඒ අනුව අධ්යක්ෂ මණ්ඩලය රැස්වී මෙම මිල සංශෝධනයට තීරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk