2026-11-17 12:04:00 Hours

කස්සප හිමිට ඇප


...

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ඇප මත මුදාහැර තිබෙනවා.

උන්වහන්සේට ලබාදී තිබූ කොන්දේසි සහිත ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ ත්‍රිකුණාමලය අධිකරණයට මෙන්ම අනුරාධපුර විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව, අදාළ වැරදි දෙක සම්බන්ධයෙන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ සමාව අයැද සිටීම සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය අධිකරණය උන්වහන්සේ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk