2026-09-30 13:09:00 Hours

වසර 23කට පසු අමෙරිකානු හමුදා ඉරාකයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි


...

2003 වසරේ අමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා ඉරාකයට සිදුකළ ආක්‍රමණයෙන් පසු එරට රැඳී සිටි අමෙරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව වසර 23කට ආසන්න කාලයක් පැවති ඉරාකයේ අමෙරිකානු හමුදා මෙහෙයුම් නිල වශයෙන් අවසන් වන බව සඳහන්.

ඉරාකය සතුව මහා විනාශකාරී ආයුධ පවතින බවට චෝදනා කරමින් අමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා එරට ආක්‍රමණය කළද, පසුව සිදුකළ පරීක්ෂණවලදී එවැනි ආයුධ සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

මෙම කාලය අතරතුර එවකට ඉරාක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සදාම් හුසේන් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහුට මරණ දඬුවම නියම කර එය ක්‍රියාත්මක කෙරුණා.

අමෙරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීමත් සමඟ ඉරාකය තුළ පැවති දීර්ඝකාලීන අමෙරිකානු හමුදා මෙහෙයුම් අවසන් වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk