2026-10-03 08:01 Hours
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිතවලින් බැරල් මිලියන 100ක් වෙළෙඳපොළට මුදාහැරීමට G7 රටවල් තීරණය කර තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඉන්ධන සංචිත මුදාහැරීම ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය හෙවත් IEA හරහා සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.
ඒ අනුව ඉදිරි මාස හතර තුළ අදාළ තෙල් සංචිත වෙළෙඳපොළට මුදාහැරීමට නියමිත අතර, විශේෂයෙන් ඩීසල් හිඟය පාලනය කිරීම සඳහා පළමු දින 20 තුළ විශාල ඩීසල් සංචිත ප්‍රමාණයක් මුදාහැරීමටද සැලසුම් කර තිබෙනවා.
මේ අතර, යුරෝපා රටවල් සිය ඩීසල් සංචිත වෙළෙඳපොළට මුදාහැරීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
අමෙරිකාවේ ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 6.37ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර ට්‍රම්ප් පාලනයට දේශපාලන බලපෑමක් එල්ල කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට ඇතිවී තිබෙන බාධා ඇතුළු මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී තවදුරටත් පියවර ගැනීම සම්බන්ධයෙන් IEA හරහා සාකච්ඡා කිරීමටද G7 රටවල් සූදානම් වන බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk