2026-10-03 07:26:00 Hours

මෙල්බර්න් ආසන්නයේ රික්ටර් මාපක 4.8ක භූමිකම්පාවක්


...

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපාමින් රික්ටර් මාපක 4.8ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය වන Geoscience Australia සඳහන් කළේ එරට වේලාවෙන් අද (03) අලුයම 2.00ට පමණ මෙම භූචලනය වාර්තා වූ බවයි.

භූමිකම්පාවේ කේන්ද්‍රය මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් 135ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි සවුත් ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ ලියොන්ගාතා නගරය ආසන්නයේ හඳුනාගෙන ඇති බවද එම ආයතනය සඳහන් කරනවා.

භූමිකම්පාව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති අතර, මෙතෙක් සිදුවූ හානි පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk