2026-10-03 08:54:00 Hours
ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටින අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන නෞකාවලට සේවා හෝ සැපයුම් ලබාදුනහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොඩ්‍රිගෝ සඳහන් කරන්නේ, අමෙරිකාවේ ද්විතීයික සම්බාධක හෙවත් Secondary Sanctions යනු ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසියම් රටක් පමණක් ඉලක්ක කර පනවා ඇති සම්බාධක නොවන බවයි.
එම සම්බාධක අමෙරිකාවේ පොදු ගෝලීය ප්‍රතිපත්තියක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක වන බවද ඔහු පෙන්වා දෙනවා.
අමෙරිකාව විසින් අගෝස්තු 24 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම ද්විතීයික සම්බාධක අනුව, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකාවලට සේවා සැපයීම හෝ වෙනත් සහාය ලබාදීම සිදුකරන පුද්ගලයන් හෝ ආයතනවලට අමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමිවීමේ අවදානමක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.
එම සම්බාධක සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියේ ලබාගත හැකි අතර, නාවික හා නෞකා සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් ඒවායේ ක්‍රියාත්මක වීම සහ බලපෑම් පිළිබඳව දැනුවත් බවද විදේශ අමාත්‍යාංශය පවසනවා.
මෙවැනි නෞකා ඉන්දීය සාගරයේ පමණක් නොව, පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලොව වෙනත් සාගර ප්‍රදේශවලද රැඳී සිටින බවයි විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව, මෙම සංවේදී කරුණ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ද්විතීයික සම්බාධකවල සැබෑ ස්වභාවය සහ ඒවායේ ක්‍රියාත්මක වීම පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙසද ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk