2026-10-02 09:24:00 Hours

මුතුරාජවෙල සිට කටුනායකට ගුවන්යානා ඉන්ධන නව නල මාර්ගය ඉදිකිරීමේ කටයුතු අද ඇරඹේ


...

මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය සඳහා නව නල මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කෙරෙන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නල මාර්ගයක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ඝන මීටර් 92,000ක ධාරිතාවකින් යුත් ගුවන්යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් සහ ඊට අදාළ පහසුකම්ද ඉදිකිරීමට නියමිතයි.

එමෙන්ම මුතුරාජවෙල දැනට පවතින ඉන්ධන පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමද මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරෙන බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk