2026-10-02 13:16:00 Hours
ඉරානය සමඟ සාමයක් ඇතිකරගත හැකි යැයි තමන් නොසිතන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ TIME සඟරාව සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීයි.
සැප්තැම්බර් 28 වැනිදා ධවල මන්දිරයේදී පැවති මෙම සම්මුඛ සාකච්ඡාව පැය එකයි මිනිත්තු 15කට ආසන්න කාලයක් පැවති බව TIME සඟරාව සඳහන් කරනවා.
එහිදී ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ට්‍රම්ප් අදහස් පළකර ඇති අතර, ඉරානය විනාශ කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකටද ඔහු ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඉරානය සමඟ සාමයක් ඇතිවීම පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති බවයි ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.
සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන්ද ට්‍රම්ප් සිය අප්‍රසාදය පළකර ඇති අතර, තමන්ගෙන් අසන ප්‍රශ්න ඍණාත්මක බවට ඔහු චෝදනා කර තිබෙනවා.
මේ අතර, ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ අරමුණු පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බවට ඇමෙරිකානු ජනතාව අතර මතයක් පවතින බව මීට පෙර සිදුකළ සමීක්ෂණවලින්ද අනාවරණ වී තිබුණා.
කෙසේ වෙතත්, නවතම Economist/YouGov සමීක්ෂණයකදී ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුමත කරන බව ප්‍රකාශ කර ඇත්තේ සියයට 30ක් වන අතර, සියයට 60ක් එය අනුමත නොකරන බව සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk