2026-10-06 11:04 Hours
“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලීසිය දැනුම්දී තිබෙනවා.
අදාළ විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළා.
එම අපේක්ෂිත ඇප අයැදුම්පත අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
මේ අතර, විදේශගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.
ඇය ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකමද භාවිත කර තිබුණා.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, එම කාලය තුළ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා FCID හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම්දී තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk