2026-10-06 08:19:00 Hours
විදේශගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (05) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.
දිවයිනට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිත කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
ඒ අතරතුර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, ඊයේ (05) ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, අදාළ විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk