2026-09-27 21:37:00 Hours

ඉදිරි මාස තුනට ඉන්ධන සහනාධාරයක්


...

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා ගම්පහ පැවැති ජන රැලියකට එක්වෙමින් සඳහන් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

මෙම සහනාධාර පැකේජය සඳහා රුපියල් කෝටි 4,100ක මුදලක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසුවා.

ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk