2026-07-26 09:32 Hours

මහේන්ද්‍ර පෙරේරාට අන්තර්ජාතික සම්මානයක්


...

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට මහේන්ද්‍ර පෙරේරා මහතා සමත්ව තිබෙනවා.

'රිවර්ස්ටන්' චිත්‍රපටය වෙනුවෙන් දැක්වූ විශිෂ්ඨ රංගනය වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම සම්මානය සඳහා බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියා.

මහේන්ද්‍ර පෙරේරා මහතා ජාත්‍යන්තර තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙහෙයවීම විශේෂත්වයකි.

සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.

ඊට අමතරව ප්‍රියන්ත සිරිකුමාර මහතා 'රිවර්ස්ටන්' චිත්‍රපටිය සඳහා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk