2026-09-27 15:59:00 Hours

බද්දේගම වෙඩි තැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු එළියට


...

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථයේ මග හරස් කර ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථය පැදවූ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා බද්දේගම රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කළා.

අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් යොදවා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk