2026-09-16 07:57:00 Hours

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 119ක දැවැන්ත පරාජයක්


...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 254ක් රැස් කළා.

එහිදී නායක හැරී බෘක් නොදැවී ලකුණු 114ක් රැස් කළ අතර, ජොස් බට්ලර් පන්දු 44කදී ලකුණු 80ක් ලබා ගත්තා.

ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් රැස් කළ අතර, දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ලකුණු 119කින් ජයගත් එංගලන්තය තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk