2026-10-19 13:48 Hours
අතුරුදන්ව සිටි ‘අග්බෝ’ ඇතා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගෙන තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඇතා සොයාගත් බවයි වාර්තා වන්නේ.
ප්රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇත්තේ අග්බෝ ඇතා සොයාගන්නා අවස්ථාවේදී යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවූ බවයි.
ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිතය තුළ නිරුපද්රිතව සැරිසරන බව පරිසර අමාත්යාංශයේ මාධ්ය ඒකකය සඳහන් කරනවා.
පසුගිය දින කිහිපයේ අතුරුදහන්ව සිටි මෙම දෑවැන්ත හස්තියාගේ සෞඛ්ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ඊයේ දියත් කරනු ලැබුවේ ආරක්ෂක අමාත්යංශ ලේකම්වරයාගේ නියෝගයක් මතයි.
මේ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සඳහා හමුදා සෙබළුන් 25 දෙනෙක් යොදවා තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk