2026-10-19 14:22:00 Hours
අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේදී අද (19) පෙරවරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිමෙන්ති ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බවයි.
අනතුරින් ත්රිරෝද රථ, ලොරි රථ සහ යතුරුපැදි ඇතුළු වාහන අටකට පමණ හානි සිදුව ඇති අතර, මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයන් කිහිපදෙනෙකුද අනතුරට ලක්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සිටින බව සඳහන්.
තුවාල ලැබූවන් අකුරණ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk