2026-10-19 20:43:00 Hours
සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
ඇතාගේ මරණයට හේතු වූ කරුණු සොයා බැලීම, වනඅලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති වගකීම් අතරට අයත්.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු පත් කර තිබෙනවා.
කමිටුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතායි.
කාවන්තිස්ස ඇතාගේ මරණයට බලපෑ ආසන්න හා වක්ර හේතු මෙන්ම ප්රතිකාර කටයුතුවලදී අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න පිළිබඳවද කමිටුව විමර්ශනය කිරීමට නියමිතයි.
ඒ සඳහා දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටද කමිටුවට බලය පවරා තිබෙනවා.
ඒ අනුව, මරණය පිළිබඳ අවසන් විමර්ශන වාර්තාව, වනඅලි සුබසාධනය සඳහා යෝජිත සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ යෝජනා ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk