2026-10-19 21:17:00 Hours
කොළඹ වරායේ නවීන සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම අත්හැර නොමැති බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කරන්නේ, පෙර ව්යාපෘතියේ කොටස් හිමියන් ඉවත් වුවද, තරගකාරී ලංසු ක්රියාවලියක් හරහා රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නව සැපයුම් මධ්යස්ථානයක් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ සඳහා කොළඹ වරාය තුළ සැලකිය යුතු භූමි ප්රමාණයක් යොදාගැනීමට නියමිත අතර, වරාය ආශ්රිත සැපයුම් සේවා සහ අගය එකතු කළ සේවාවන් රැසකට සහාය වන ඒකාබද්ධ පහසුකමක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනවා.
කොළඹ වරාය බහාලුම් ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්ථානයක් ලෙස පමණක් නොව, පුළුල් සමුද්රීය හා සැපයුම් මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි වරාය අධිකාරිය පෙන්වා දෙන්නේ.
කොළඹ වරාය තුළ නවීන සැපයුම් මධ්යස්ථානයක් ඉදිකිරීම සඳහා සැලසුම් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 280කට ආසන්න වටිනාකමකින් යුත් හවුල් ව්යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට එහි කොටස් හිමියන් මීට පෙර තීරණය කර තිබුණා.
2023 වසරේදී පිහිටුවන ලද South Asia Commercial and Logistics Hub සමාගම හරහා එම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, China Merchants Port Holdings Company Limited සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමකට එහි සියයට 70ක කොටස් හිමිකමක් හිමිව තිබුණා.
ශ්රී ලංකා වරාය අධිකාරියට සහ Access Engineering PLC සමාගමට සියයට 15 බැගින් කොටස් හිමිව තිබූ බව සඳහන්.
යෝජිත ව්යාපෘතිය යටතේ වර්ග මීටර් 150,000කට ආසන්න ප්රමාණයකින් යුත් නවීන සැපයුම් පහසුකමක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, බාහිර තත්ත්වයන්, වාණිජමය කරුණු සහ කොටස් හිමියන්ගේ අවශ්යතා සැලකිල්ලට ගනිමින් එම ව්යාපෘතිය අත්හැරීමට තීරණය කළ බවයි වරාය අධිකාරිය සඳහන් කරන්නේ.
එම ව්යාපෘතිය සඳහා කොටස් හිමියන් සිදුකළ ප්රාග්ධන දායකත්වයන් ද ආපසු ගෙවීමට නියමිතයි.
එහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 29.8කට ආසන්න වන අතර, අදාළ නියාමන අවශ්යතා සහ මෙහෙයුම් වියදම් සැලකිල්ලට ගනිමින් එක් එක් පාර්ශ්වයේ කොටස් ප්රමාණයට අනුව එම මුදල් ආපසු ගෙවීමට නියමිත බවද වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk