2026-11-11 10:26:00 Hours
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තුන්නමක් අනුරාධපුරයේ සත්‍යග්‍රහය පවත්වමින් සිටි ස්ථානයේදී අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් පසුගිය 7 වැනිදා රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.
ඒ, අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණ නියෝගයක්ද ලබාදී තිබූ පසුබිමකයි.
මේ අතර, අද දිනයේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට දැනුම්දී තිබුණා.
එවන් පසුබිමකයි උන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ තුන්නම මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත්තේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk