2026-10-18 12:10:00 Hours

ගෑස් සිලින්ඩර ලක්ෂ 3.5ක් දින තුනක් තුළ වෙළෙඳපොළට


...

මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (18) මෙරටට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

සමාගම සඳහන් කළේ එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.

ඒ අනුව, අදාළ ගෑස් තොගය ලැබීමත් සමඟ ඉදිරි දින තුන තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

රට තුළ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පසුගිය දින තුන තුළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ.

එබැවින්, අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස් කිරීමෙන් වළකින ලෙස සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk