2026-10-18 15:10:00 Hours
අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් යෙදවීමට ආරක්ෂක අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා.
පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත මෙම කණ්ඩායම පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.
වන අලි සම්පත ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ රාජ්ය ආයතනවල සහාය ඇතිව ඇතා සොයා ගැනීමේ කටයුතු තවදුරටත් ක්රියාත්මක වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk