2026-10-18 21:54 Hours

හදිසි විදුලි බිඳවැටීම ගැන පරීක්ෂණයක් - වාර්තාව මසක් ඇතුළත


...

දිවයින පුරා ඊයේ (17) සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම පවසනවා.

එහි සභාපති ප්‍රදීප් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, පරීක්ෂණයෙන් අනතුරුව සකස් කරන වාර්තාව මාසයක් ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට සහ අදාළ අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන බවයි.

ඉදිරියේදී මෙවැනි විදුලි බිඳවැටීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගතයුතු පියවරද එම වාර්තාවෙන් නිර්දේශ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසුවා.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් ඊයේ පෙරවරු 11.45ට පමණ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටුණා.

පසුව විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර, ඊයේ රාත්‍රී 9.56 වන විට දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම පියවර ගත්තා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk