2026-11-07 13:28:00 Hours

රුවන්වැලි මහා සෑය අසල නොසන්සුන්තාවට දෙදෙනෙකු අත්අඩංගුවට


...

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේ අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළා.

අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් අද (07) මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ දෙපාර්ශ්වය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පසුව එම තත්ත්වය ගැටුම්කාරී ස්වභාවයක් දක්වා වර්ධනය වූ බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk