2026-11-03 09:51:00 Hours
ඉරානයට අයත් Qeshm දූපත ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරීන් තිදෙනෙකු මේ බව තහවුරු කර ඇති අතර, කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා සම්පත් ආරක්ෂා කිරීමේ අරමුණින් ආරක්ෂක පියවරක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව ඔවුන් සඳහන් කර ඇත.
අමෙරිකානු ගුවන් යානයකට ඉරානය ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එක් නිලධාරියෙකු පවසා තිබෙනවා.
එමෙන්ම, ඉරානය ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල භාවිත කරමින් අමෙරිකානු හමුදා සම්පත්වලට තර්ජනය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව තවත් නිලධාරියෙකු සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය මහා පරිමාණ යුද මෙහෙයුමකට සමාන නොවන බව ද අමෙරිකානු නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ඉරානය සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමේ හැකියාව තවමත් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය හැකි ඉක්මනින් සාකච්ඡාමය විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, යෝජිත ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඔහු මෙතෙක් වැඩිදුර තොරතුරු හෙළිකර නොමැත.
වොෂින්ටනය සමඟ වක්‍ර සාකච්ඡා පැවැත්වෙන බව ටෙහෙරානය ද අනාවරණය කර තිබෙනවා.
දැඩි කොන්දේසි යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර ඇත.
ඉරානය සමඟ එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් ද සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සතියේදී වැන්ස් විසින් ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත ලිපියක් යොමු කර ඇති නමුත්, එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
කෙසේ වෙතත්, එම ලිපිය වෛද්‍ය සැපයුම් ඇතුළු විවිධ ආධාර ඉරානයට ලබාදීම සම්බන්ධයෙන් යොමු කළ එකක් බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබෙනවා.
ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උප ජනාධිපති වැන්ස් ද අමෙරිකාව සහ ඉරානය අතර එකඟතාවකට එළඹීමේ හැකියාව පිළිබඳ විශ්වාසය පළ කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk