2026-11-06 20:50:00 Hours
ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතුවලට අදාළ ලේඛන හා අනුමැතීන් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
නොවැම්බර් 05 වැනිදා සිට බලාත්මක වන මෙම රෙගුලාසි මගින් ජාතික වෙළෙඳ තනි කවුළු පද්ධතිය (National Single Window for Trade) සඳහා නීතිමය පිළිගැනීම ලබාදී තිබෙනවා.
One TRADE ලෙස නම් කර ඇති මෙම පද්ධතිය හරහා ආනයන හා අපනයන කටයුතුවලට අදාළ අයදුම්පත්, ප්‍රකාශන සහ අනෙකුත් ලේඛන විද්‍යුත් ක්‍රමයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා.
එමෙන්ම අදාළ රාජ්‍ය ආයතනවලට එම ලේඛන පරීක්ෂා කිරීම, අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කටයුතු ද ඩිජිටල් ක්‍රමයට සිදුකළ හැකියි.
මෙම පද්ධතියේ බලයලත් මෙහෙයුම්කරු ලෙස GovTech Sri Lanka (Pvt) Ltd සමාගම නම් කර ඇති අතර, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන හයක් ඊට එක්ව සිටිනවා.
අදාළ ගැසට් නිවේදනයට අනුව තේ, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන ඇතුළු භාණ්ඩවලට අදාළ HS වර්ගීකරණ අංක 124ක් ද මෙම රෙගුලාසි යටතට ඇතුළත් කර තිබෙනවා.
තවද, One TRADE පද්ධතිය හරහා ඉදිරිපත් කරන විද්‍යුත් ලේඛන, ඒවා විද්‍යුත් ස්වරූපයෙන් පවතින බව පමණක් හේතුවක් කරගෙන නීතිමය වලංගුභාවයෙන් බැහැර කළ නොහැකි බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk