2026-11-06 10:19:00 Hours

කොළඹ අවන්හල්වල ආහාර ගැන පැමිණිලි කිරීමට QR කේත ක්‍රමයක්


...

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම අවන්හල්වල මෙම QR කේතය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

එම කේතය ස්කෑන් කිරීමෙන් ලැබෙන පෝරමය පුරවා පාරිභෝගිකයන්ට සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එලෙස ලැබෙන පැමිණිලි ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යොමු වන අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව සඳහන් කළා.

එමෙන්ම, පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයාගේ අනන්‍යතාව රහසිගතව තබන බවද නගර සභාව අවධාරණය කරනවා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ ආහාරය අවන්හලට භාර නොදෙන ලෙසත්, මිලදී ගැනීමේ බිල්පත ආරක්ෂිතව තබා ගන්නා ලෙසත් කොළඹ මහ නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk