2026-11-07 15:09 Hours

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් ගැන පොලිස්පතිගෙන් ලිපියක්


...

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකකදී ලබාදුන් නියෝග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා වෙත යොමුකර ඇති මෙම ලිපිය කරුණු 29කින් සමන්විත දීර්ඝ ලිපියක් බවයි වාර්තා වන්නේ.

අදාළ නඩු දෙකේදී නිකුත් කළ නියෝග සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා එමගින් ඉල්ලා තිබෙනවා.

...
...
...
...
...
...
...
...
...
...


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk