2026-11-25 07:43:00 Hours

අයවැයට එරෙහිව අද විශ්වවිද්‍යාල පද්ධතිය පුරා වැඩවර්ජනයක


...

2027 අයවැයට විරෝධය පළ කරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එම කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ, වැඩවර්ජනයට සමගාමීව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වීමට නියමිත බවයි.

"අද දවසෙත් විශ්වවිද්‍යාල තුළ එක්දින සංකේත වැඩ වර්ජනය සමඟ විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. මීට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ වර්තමාන රජය බලයට පත් වුණායින් පස්සේ ඔවුන්ගේ මංගල අයවැයේ සිටන් දිගින් දිගටම විශ්වවිද්‍යාල ප්‍රජාවට තිබුණු අයිතිවාසිකම් කප්පාදු කිරීම. සාකච්ඡාවලදී මේගොල්ලෝ පිළිගත්තු ඒ එකඟතාවයන්වලට ආපු ඒ නිවැරදි කිරීම් මේ දක්වා සිදු කරලා නැහැ.

ඒ වගේම 2027 අයවැය තුළත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද ඇති වෙන ආකාරයෙන් තමයි මේගොල්ලෝ කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වර්තමාන බලයට ආ රජය විසින් විශ්වවිද්‍යාල පද්ධතියේ නිර්මාණය කරලා තියෙන ගැටලු මේ අයවැය තුළින් හෝ විසඳන්නේ කියන බලපෑම තමයි අපි මේ දිගින් දිගටම කරන්නේ.

ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා ඔබ රජය විසින් නිර්මාණය කරපු ලදූ ගැටලු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විසඳීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම මේ සඳහා ඉතා ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු වෙනවා.

ඒ අනුව අද දවසෙත් සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙනවා. ඒ වගේම ප්‍රධාන වෘත්තීය සමිති නවයක සමිති නායකයින් කොළඹට පැමිණේවි. ඒ අනුව අපි රජයට බලපෑම් කරලා තියෙනවා වහාම මේ සඳහා මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න කියලා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk