2026-11-25 10:56 Hours

රාජ්‍ය සේවකයන්ට මීට වඩා කරන්න බෑ - භාණ්ඩාගාරයේ සල්ලි එයාලාට පඩි දෙන්න විතරක් වෙන් කරන්න බෑ


...

රාජ්‍ය සේවක වෘත්තීය සමිති මේ දිනවල විවිධ උද්ඝෝෂණවල නිරත වුවද, රාජ්‍ය සේවක වැටුප් හෝ දීමනා මීට වඩා වැඩි කිරීමට හැකියාවක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.

“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ආධාර ලබාගෙන කදුරුවෙල ප්‍රදේශයේ ඉදිකළ නිවාස 6ක් විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“දැන් මේ දවස්වල ඔය වෘත්තීය අයිතිවාසිකම් ගැන ලොකු උද්ඝෝෂණයක් යනවා. මෙවර අයවැයෙන් – අපි සමස්ත අයවැය ගත්තොත් – වෙන් කරන මුදලින් තුනෙන් එකකට වැඩිය වෙන් වෙන්නේ පඩි වැඩිවෙනවා, දීමනා වැඩිකරනවා. ඉතින් ඊට වඩා රාජ්‍ය සේවයට මොකුත් කරන්න බෑ. රාජ්‍ය සේවය ලක්ෂ 12යි, තව එළියෙ ලක්ෂ 200කට වඩා ඉන්නවා.

ඒගොල්ලන්ටත් කරන්න ඕනෙ, නේද ? මේ ව්‍යාපෘතිවලත් මුදල් වෙන් කරන්න ඕනෙ. මේ සල්ලි ඔක්කොම පඩි නඩි ගෙවන්න වෙන් කරන්න බෑ. රටේ අහිංසක මිනිස්සු ඉන්නවා රජයේ සේවයක් නොකරන, පුද්ගලික අංශයේ සේවයක් නොකරන, කුලී වැඩක් මොනවා හරි කරගෙන ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි මේ ගෙවල් හැදෙන්නෙ.

ඒවාත් සරල ගාණක් නෙවෙයි, ලබන අවුරුද්දේ මිලියන 15,000ක්. ලක්ෂවලින් ගත්තොත් ලක්ෂයේ ගොඩවල් 150,000ක්. සරල නෑ.

ඇළ අමුණු හදන්න ඕනෙ, වැව් හදන්න ඕනෙ. කෘෂිකර්ම අමාත්‍යාංශය මිලියන 77,000කට වඩා වෙන්කරලා තියෙනවා ලබන අවුරුද්දේ එව්වා හදන්න. ඒක විශාල මුදලක්. විපක්ෂය කට ඇරියොත් කියනවා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා, ඒක වෙන් කරන්න කියලා. පඩි දෙන්න විතරක් වෙන් කරන්න බෑ. මේවාත් හදන්න එපැයි නේද ? පාරවල් හදන්නත් ඕනෙ”



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk