2026-10-09 21:26:00 Hours

ඥානසාර හිමි අයත් කෝට්ටේ පාර්ශ්වය ජනපති අනුරගෙන් සාකච්ඡාවක් ඉල්ලයි


...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ අද (09) ලිපියක් මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

තම සංඝ සභාව සහභාගී කර නොගෙන ඊයේ (08) නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා දැකීමෙන් සිය සංඝ සභාව මවිතයට පත්වූ බව ද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඥානසාර හිමියන් තම සංඝ සභාවට අයත් භික්ෂුවක් බැවින් උන්වහන්සේගේ චීවරය තබාගැනීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇත්තේ එම සංඝ සභාවට බවයි කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දෙන්නේ.

අදාළ ගැටලුව සුදුසු පරිදි විසඳී නොමැති බවට තමන් විශ්වාස කරන බැවින්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිය සංඝ සභාව සමඟ හමුවකට එක්වන ලෙස ද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk