2026-10-09 21:40:00 Hours
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ඒ, පසුගිය සැප්තැම්බර් මාසයේ අනුරාධපුරයේ පැවති ජන රැලියකදී අධිකරණ නියෝගයක් විවේචනය කරමින් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක සිව්වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය සැප්තැම්බර් 4 වැනිදා ලබාදුන් නියෝගය විවේචනය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා කළ ලිඛිත දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, අදාළ ප්‍රකාශය විකාශය කළ රූපවාහිනී නාලිකා හතකින් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාගෙන ඇති අතර, ජන රැලිය සංවිධානය කළ පුද්ගලයන්ගෙන්, නිවේදකයන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන්, පොලිස් නිලධාරීන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එම විමර්ශනවලට අදාළ වාර්තා සහ වීඩියෝ දර්ශන ඇතුළත් ඩීවීඩී තැටි සාක්ෂි සාරාංශයක් සමඟ කොළඹ අංක 2 අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඒ අනුව, 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනතේ විධිවිධාන යටතේ විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීම සඳහා අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට අදාළ ලේඛන අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk