2026-10-08 07:37:00 Hours

ත්‍රෛනිකායික මහානාහිමිවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක්


...

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍රවලින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

අදාළ සාකච්ඡාව අද (08) පස්වරු 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඥානසාර හිමියන් ගිහි වස්ත්‍රවලින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා ඊයේ (07) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණා.

එහිදී මහානාහිමිවරුන් පෙන්වා දී ඇත්තේ, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය අහෝසි කිරීම බන්ධනාගාර රෙගුලාසිවලට පමණක් සීමා වූ කරුණක් නොවන බවයි.

එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ භික්ෂුව අයත් නිකායේ සංඝ සභාවේ නිර්දේශ හා නියමයන් අනුව කටයුතු කිරීම සුදුසු බවද මහානාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය සම්බන්ධයෙන් සංඝ සභාවක් මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති අවස්ථාවක බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති බවද අදාළ ලිපියේ සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk