2026-08-14 14:35:00 Hours
2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ජාත්‍යන්තරය තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, ලංකා තේ සහ සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඊයේ (13) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, ලෝක කුසලාන තරගාවලියෙන් ලැබෙන ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව සහ මෙරට ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර ප්‍රවර්ධනය සඳහා උපරිම ලෙස යොදා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි.
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාවට එක්ව ඇති බව වාර්තා වනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.
මීට අමතරව, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, තේ ප්‍රවර්ධන ක්ෂේත්‍රය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඊට එක්ව ඇති බව සඳහන්.
2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවලදී පැවැත්වීමට නියමිතයි.
එම තරගාවලිය ඔස්සේ හිමිවන දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරණ අවස්ථාව භාවිත කරමින් ශ්‍රී ලංකාව, ලංකා තේ, සංචාරක කර්මාන්තය සහ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk