2026-11-26 12:12:00 Hours

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු 11 දෙනාට ඇප


...

රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව ඔවුන් අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ අතර, පසුගිය නොවැම්බර් 12 වැනිදා එම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk