2026-10-15 16:09:00 Hours

අලුත් වැඩසටහනක් ඉල්ලුවොත් සහාය දෙන්න සුදානම් - IMF


...

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය පවසනවා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමගාමීව අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළා.

වත්මන් මූල්‍ය වැඩසටහන අවසන් වීමෙන් පසු තවදුරටත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය ලබාගන්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතු අයිතියක් බව ද ඇය අවධාරණය කළා.

දැනට ක්‍රියාත්මක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දුන් ඇය, නව මූල්‍ය වැඩසටහනක්, ප්‍රතිපත්ති උපදෙස් හෝ ධාරිතා සංවර්ධන සහාය ඇතුළු විවිධ ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk