2026-08-15 13:56:00 Hours
අඟුලාන මුහුදට ආසන්න ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
අනතුරට ලක්වූ යාත්‍රාවේ පිරිස මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ද මේ වන ලැබී තිබෙනවා.
මේ අනුව අනතුරට ලක්වූ යාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් MI 17 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk