2026-08-13 08:14:00 Hours
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් මහත්මිය කනස්සල්ල පළකර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසයටද බලපෑම් එල්ල විය හැකි බවයි.
දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම මගින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඉඩ සැලසීම පිළිබඳ ගැටලු මතුවිය හැකි බවද ඇය සඳහන් කර ඇත.
එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි, විනිවිදභාවයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ උපදේශන සහභාගීත්වයෙන් යුතුව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කිසියම් වෙනසක් සිදුකරන ලෙස ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම යෝජිත සංශෝධනය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 14(1) වගන්තියට සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට පටහැනි වීමේ අවදානමක් පවතින බවද ඇය පෙන්වා දී ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk