2026-08-12 19:49:00 Hours
හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු හමුදාවන්ගේ පුර්ණ පාලනය යටතේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ මාධ්‍ය හමුවකදීයි.
මේ අතර, අනතුරු ඇඟවීම් නොතකා ඉරාන වරායක් වෙත යාත්‍රා කිරීමට උත්සාහ කළ පැනමා ධජය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අමෙරිකානු හමුදාව විසින් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් නෞකාවේ සුක්කානම් පද්ධතිය අක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට නම් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බව ඉරානය අවධාරණය කරනවා.
ඒ අනුව, අමෙරිකාව විසින් සිදුකරන යුද ක්‍රියාමාර්ග සහ අවහිර කිරීම් සම්පූර්ණයෙන් නතර කිරීම, අමෙරිකාව විසින් අත්හිටුවා ඇති ඉරාන වත්කම් මුදාහැරීම සහ කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම එම කොන්දේසි අතර වනවා.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහොසෙන් රෙසායි ප්‍රකාශ කර ඇත්තේ මෙම කොන්දේසි සියල්ල සපුරාලන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තබන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk