2026-08-15 14:29:00 Hours
ජනාධිපතිවරයා සමඟ පසුගියදා 12 වන දින පවත්වනු ලැබූ රැස්වීමේ සම්පුර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ ලිපියෙන් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වනදා එම සංගමය වෙත ලබාදී ඇති බවයි.
රැස්වීමට සහභාගී වූ අනෙක් පාර්ශවයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම් අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
තවද අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබාදීමට ජනාධිපති කාර්යාලයේ සම්පුර්ණ සහයෝගය නිරතුරුවම හිමිවන බව එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk