2026-08-13 16:47 Hours
දකුණු කොරියාවේ ප්‍රධානතම ගුවන්තොටුපොළ වන ඉන්චියොන් (Incheon) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ බවට පත්ව තිබෙනවා.
ඉන්චියොන් ගුවන්තොටුපොළ මෙම සුවිශේෂී ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මෙතෙක් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස ප්‍රථම ස්ථානයේ පසුවූ ලන්ඩන්හි හීත්‍රෝ (Heathrow) ගුවන්තොටුපොළ මෙවර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ඉන්චියොන් ගුවන්තොටුපොළ මේ වසරේ ගත වූ මාස 6 තුළ පමණක් මගීන් මිලියන 38යි දශම 4කට (38.4) පහසුකම් සපයා ඇති බව සඳහන්.
පවතින යුද ගැටුම් හමුවේ මැදපෙරදිග ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාල වීම ඉන්චියොන් ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙලෙස ඉහළයාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
මේ වසරේ ගත වූ මාස 6 තුළ හීත්‍රෝ ගුවන්තොටුපොළ මගීන් මිලියන 37යි දශම 7යි 9කට (37.79) පහසුකම් සැපයා ඇති අතර, සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළ ගතවූ මාස 6 තුළ මගීන් මිලියන 34යි දශම 5යි 3කට (34.53) පහසුකම් සපයමින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ අතර තෙවන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk