2026-08-14 17:56 Hours

අන්තර්ජාතික ක්‍රිකට් තරු බිහිකළ ජනප්‍රිය පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙක් සිසුවෙකුගේ ප්‍රහාරයකින් මරුට


...

හිටපු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිටියදී පුහුණු කළ 62 හැවිරිදි පුහුණුකරුවෙකු ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අගෝස්තු 8 වැනිදා පානීය ජලය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බව සඳහන්.

එහිදී පහරකෑමට ලක්වූ සුමිත් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී අඟහරුවාදා මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි ක්‍රීඩකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 17 වැනිදා දක්වා ළමා පරිවාස භාරයේ රඳවා තැබීමට නියෝග කර ඇති බව සඳහන්.

මියගිය සුමිත් ප්‍රනාන්දු මහතා මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවෙකු වන අතර, එහිදී කුසල් මෙන්ඩිස් ඇතුළු ප්‍රමුඛ පෙළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට පුහුණුව ලබාදී ඇති බව වාර්තා වනවා.

පසුව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ තණතිලි භාරකරු ලෙසද කටයුතු කර තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩකයන් පිරිසක් ජලය පානය කිරීමට ගිය අවස්ථාවේදී එහි ජලය නොතිබීම හේතුවෙන් සමාජ සේවකයෙකු සමඟ බහින්බස්වීමක් ඇතිවී ඇති බවයි.

පසුව එම බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, අදාළ සේවකයා එක් ක්‍රීඩකයෙකුට පහරදීමට උත්සාහ කර ඇති බවටද පොලීසිය සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මියගිය සුමිත් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු අද (14) සිදුකර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk