2026-07-30 18:11:00 Hours

ඇමති හිනිදුමට රත්න ශ්‍රී ගේ දුවගෙන් කණේ පාරක්


...

රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු දක්වමින් අදහස් දැක්වූ වීඩියෝවක් අමාත්‍යය හිනිදුම සුනිල් සෙනෙවි විසින් සිය ⁣Facebook ගිණුමට එක් කර තිබෙනවා. එම වීඩියෝවට. රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණිය වන සම්මානි විජේසිංහ මහත්මියගේ දැක්වූ අදහසක් සම්බන්ධව බොහෝ දෙනා අතර දැඩි කතා බහක් මතුව තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ "අයියා ට කියලා ආන්ඩුවේ රෙදි ටිකත් හෝදගෙනම සිනිඳු ම මල්ලි කල් වේලා ඇතිව ....අයින් වෙන්න කලින්ම. නැත්නම් අද සිට සිට රත්න ශ්‍රී මාලිමා ඩෝබිලාට ,ප්‍රධාන වැසිකිළි පද්ධතිය ට අනුව පාදඩයෙක් කාලකන්නියෙක් වැඩකට නැති මිනිහෙක්...."

පසුගියදා ප්‍රකට දමිළ ලේඛක දීප චෙල්වන් ප්‍රදී­පන් මහ­තාගේ කෘති සම්බ­න්ධ­යෙන් පව­ත්වන ලද පරීක්ෂ­ණ­ව­ලින් අන­තු­රුව, ඉන් කෘති කිහි­ප­යක් මුදා­හැ­රී­ම­ටත්, කෘති දෙකක් තව­දු­ර­ටත් රඳවා ගැනී­ම­ට ගත් තීන්දුව සම්බන්ධයෙන් රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණිය රජයට එරෙහි දැඩි මතයක් සමාජ මාධ්‍යයයේ පළ කර තිබෙනවා.

රත්න ශ්‍රී විජේසිංහ මහතා 2024 දෙසැම්බර් 16 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු අතර, එම පත්වීමේ ලිපිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් ලබාගෙන තිබුණා.

සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස සහ පී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එම මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk