2026-08-15 14:59:00 Hours
ඩුබායි සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කර තිබෙනවා.
මාර්තු මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ඔහු ඊයේ (14) මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඩුබායිහි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී එරට පොලිසිය තමන් පරීක්ෂා කළ බවයි.
එහිදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඉරානය විසින් ඩුබායි වෙත එල්ල කළ ප්‍රහාරවල දර්ශන හමුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
තමන් මෙරටට පිටුවහල් කරන තෙක් ඩුබායි පොලිස් නිලධාරීන් දිනපතා ඉරානය සමඟ පැවති සබඳතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත්, පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් මිලදී ගන්නා ලෙස එරට බලධාරීන් දැනුම් දුන් බවත් ඔහු පවසා ඇති බව සඳහන්.
මේ අතර, ඔහුට එරෙහිව පැවති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ නඩුවකට අදාළව ශ්‍රී ලංකා පොලිසිය ලබාගෙන තිබූ රතු නිවේදනය ඉවත් කර තිබූ බවද වාර්තා වනවා.
2018 වසරේ ජුනි 2 වැනිදා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති ඔහු එහිදී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති අතර ව්‍යාපාර දෙකක්ද පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදී ඇති අතර, ඊයේ රාත්‍රියේ ඔහු එම කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk