2026-08-10 08:27:00 Hours

2026 උසස් පෙළ විභාගය අදයි


...

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වන අතර, එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු ඇතුළුව අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය දැනුම් දී ඇත.

එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන්, බ්ලූටූත් උපකරණ ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියා.

පසුගිය වසරවලදී විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බවද ඇය සඳහන් කළා.

යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk