2026-08-09 10:17:00 Hours
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මේ දක්වා කිසිඳු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් ඉරානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත් ඔහු ඉදිරි දින කිහිපය තුළ මිය යාමේ අවධානමක් ඇති බව පවසමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් පසුව මෙම වීඩියෝව නිකුත් වීම විශේෂත්වයක්.
අදාළ වීඩියෝවට තත්තපර 12ක කෙටි වීඩියෝ පටයක් ලෙස මෙය නිකුත් වී තිබෙනවා.
ඊට අමතරව මොජ්තාබා සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන අයුරු බව එම වීඩියෝ පටයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් මෙම දර්ශන පටිගත කරන ලද නිශ්චිත දිනයක් හෝ වෙලාවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk