2026-06-15 13:33 Hours
බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ඇමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත් ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු ඇතුළුව 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින්ම මෙම හෙළිකොප්ටර් යානා දෙක ගැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිටි 6 දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
ඔලිවර් ට්‍රී ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයට පැමිණ තිබූ අතර ලබන ඔක්තෝබර් මසදී ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණා.
මෙම අනතුරෙන් ඔලිවර් ට්‍රී ට අමතර බ්‍රසීලයේ යූටියුබ් තරුවක් වන ගැස්පාර් ප්‍රිම් ඩයස්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලූකස් විග්නේල්, බ්‍රසීල සංගීත ශිල්පියෙකු වන ලූකස් බ්‍රිටෝ චාවේස් මෙන්ම හෙලිකොප්ටර් යානා දෙකේ නියමුවන් දෙදෙනාද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් හෙලිකොප්ටර් යානයක් තුළ ගුවන් මඟීන් පස් දෙනෙකු සිට ඇති අතර අනෙක් ගුවන් යානයේ නියමුවා පමණක් ගමන් කර ඇති බවයි.
අනතුරින් පසු එක් හෙලිකොප්ටරයක් රියෝ ද ජැනයිරෝ හි මෝටර් රථ අලෙවි සැලකට කඩා වැටී ඇති අතර අනතුරින් වාහන 20ක් ද ගිනි ගෙන ඇති බවද වාර්තා වනවා.
ගුවන් අනතුරින් ගුවන් මඟීන් මෙන්ම නියමුවන් සියල්ලම මියගොස් ඇත.
එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ දිවි ගලවාගත් කිසිවෙකු නොවූ බවයි.
තවද මළ සිරුරු පිළිස්සී ඇති බැවින් ඒවා විධිමත් ලෙස හඳුනා ගැනීමට ද මේ දක්වා අපොහොසත් වී ඇති බව බලධාරීන් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk