2026-01-27 14:59 Hours

ඉස්කෝල සිද්ධියේ ලාල්ගේ ප්‍රතිචාරයට Lanka Live අපෙන්


...

ොළඹ ජනප්‍රිය පාසලක සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් රජයේ අමාත්‍යවරයෙක් සිය අදහස ප්‍රසිද්ධ මාධ්‍යයක දක්වා තිබුණා.

ඒ වෙන කවුරුවත් නොව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතායි.

පසුගිය දිනවල ද ඔහුගේ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්වුණා.

කෙසේ වෙතත් මෙවර අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහන සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ,

මාධ්‍ය... පාසලටත් දරුවන්ටත් ගුරුවරුන්ටත් කාරුණික වන්න. යනුවෙනි.

මෙරට පාලන තන්ත්‍රයේ සිටින පුද්ගලයෙක් මෙවැනි ප්‍රගතිශීලි අදහසක් දැක්වීම සම්බන්ධයෙන් සෑම විටෙකම මාධ්‍ය ආචාරධර්මවලට ගරුකරන වගකීමෙන් යුතු මාධ්‍ය ආයතනයක් ලෙස "Lanka Live" අපේ ගෞරවය ඔහුට හිමිවේ.

...


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk