2026-07-28 20:57:00 Hours

"තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්" - සරත් ෆොන්සේකා


...

විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සේවා කාලය ද දීර්ඝ කළ යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, වසර 20ක සේවා කාලයකින් පසු හමුදා සාමාජිකයන් විශ්‍රාම යාම හේතුවෙන් ඔවුන් සමාජීය හා ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙන බවයි.

අවුරුදු 45ක පමණ වයසේදී විශ්‍රාම යන බොහෝ හමුදා සාමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු පවුලේ වගකීම් ඉහළ මට්ටමක පවතින අතර, එම වයසේදී නව රැකියාවක් සොයා ගැනීම ද අපහසු බව ඔහු පෙන්වා දුන්නා.

ලෝකයේ දියුණු රටවල හමුදාපතිවරුන් වයස අවුරුදු 70 දක්වා සේවයේ නිරත වන බව සඳහන් කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, තමන් හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් වසර 20ක් ගත වී තිබුණද තවමත් හමුදාවට අණ දීමේ හැකියාව ඇති බවද ප්‍රකාශ කළා.

එමෙන්ම රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීම තුළින් ඔවුන්ගේ අත්දැකීම් රටේ සංවර්ධනය සඳහා තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk